අපේ දැක්ම

සංවර්ධනයේ තිරසාර පැවැත්මක් කරා  ගෙන යන මහ ගෙදර -ලංකාපුර

අපේ මෙහෙවෙර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකුලව සේවා සැපයීම.සම්පත් සම්බන්ධිකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලිය තුලින් කොට්ඨාසයේ ජන ජීවිතය නංවාලිම.

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ හැදින්විම

පොළොන්රු දිස්ත්‍රික්කයේ පරිපාලනය විමධ්‍යගත කිරිමේදි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 07 කට බෙදා වෙන්කර ඇත.වර්ග කිලෝමිටර් 184 ක බල ප්‍රදේශය පුරා පාලනය පවත්වනු ලබන ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය ඉන් එකකි.

උතුරට මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය හා මහවැලි ගඟ හා වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය,දකුණට තමණ්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය මායිම් වේ.බ්‍රිතාන්‍ය පාලනයට පෙර තමණ්කඩුව දිසාව වෙනම දිසාවක් වශයෙන් හැඳින්වු අතර තමණ්කඩුව සදහා එක් රටේ මහත්තයෙක් විය.පසුව එම පාලන සමයේම අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනම දිස්ත්‍රික්කයක් වශයෙන් නම් කරන අතර තමන්කඩුව නැවත වතාවක් එහි ඓතිහාසික නාමය වු පොලොන්නරුව නමින් උපඓජන්තවරයා වගකිවයුතු විය.

1953 වර්ෂයෙන් පසු පොලොන්නරුව වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් වශයෙන් වෙන් කරන අතර ප්‍රාදේශිය ආදායම් පාලන කොට්ඨාස දෙකකට වෙන් කෙරුණි.තමණ්කඩුව ප්‍රාදේශිය ආදායම් පාලන කොට්ඨාසයට එකල ලංකාපුර අයත් විය.1973 න් පසු ලංකාපුර වෙනම ප්‍රාදේශිය උප දිසාපති කොට්ඨාසයක් බවට පත්වු අතර 1992 වර්ෂයේ සිට ප්‍රාදේශිය මහලේකම් කොට්ඨාසයක් බවට පත්විය.

මහා පරාක්‍රමබාහු රජතුමාගේ වීරෝධාර සෙන්පතියෙකු වු “ලංකාපුර නම් සෙනවියාගේ” ජන්ම භූමිය මෙම බල ප්‍රදේශය තුල වී යැයි ජනප්‍රවාදයේ පවතී.එබැවින් ලංකාපුර නාමයෙන් එම ගම්  හැඳින් වු අතර ප්‍රදේශය හැඳින් වු අතර ප්‍රාදේශිය උප දිසාපති කොට්ඨාස වෙන් කිරිමේදී හා ප්‍රාදේශිය මහ ලේකම් කොට්ඨාස නාම කරනයේදී ද ලංකාපුර නාමය යොදන්නට වි

ඓතිහාසික පසුබිම

13 වන සියවස දක්වා ජනාකිර්ණව සක්‍රීයව පැවති මෙම ප්‍රදේශය කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසු ශුන්‍ය වල් බිහි වු ප්‍රාදේශයක් බවට පත්විය.

ලංකාපුර ප්‍රාදේශිය කොට්ඨාසයකට  අයත්, සුංගාවිල ,දේවාලගොඩැල්ල ,පටුණුගම ,පන්සැල්ගොඩැල්ල , කිරිමැටිදමන,තඹාල ආදි ගම්මාන වල එකල පැවති ජනාවාසයන්හි නෂ්ටාවශේස වර්තමානයේද දැක ගත හැක.කිරිමැටිදමන ගමෙන් මෑතකදී සොයාගත් “මැටි බදුන්” වසර තුන්දහසකටත් වඩා ඉතිහාසයකට හිමිකම් කියන බව පුරාවිද්‍යාත්මක පර්යේෂණ වලින් සනාථ විය.ගෞතම සම්බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩ සිටින “සෝමාවති මහා සෑය”ලංකාපුර නාමය ජාත්‍යන්තරයේ පවා පතල වීමට හේතු විය.

1948 ජනපදකරණයට පෙර තඹාල,ඹ්නෑගම මුස්ලිම්ගම,පටුණුගම වැනි ගම්මානවල සුළු ජන පිරිසක් ජීවත් වුවද 1948 ආරම්බ කරන ලද  පරාකුම සමුද්‍ර ව්‍යාපාරයත් 1956 කවුඩුල්ල ව්‍යාපාරයත් යටතේ ලංකාපුර නැවත ජනාකීර්ණ වන්නටවිය.

සමාජයීය හා ආර්ථික පසුබිම

සිංහල හා මුස්ලිම් යන ජන කොට්ඨාශ යන දෙකම සහයෝගයෙන් ජීවත් වන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකි.මෙම හේතුව නිසාම ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාසය ද්විභාෂා කාර්යාලයක් බවට ගැසට්කර ඇත.

ජනපදකරණයේදී මහනුවර ,නුවරඔළිය ,කෑගල්ල වැනි ප්‍රදේශ වලින් හා දිවයිනේ  වෙනත් ප්‍රදේශවලින් පැමිණි ජනතාවගේ ජීවනෝපාය වුයේ වී ගොවිතැනයි.එයට අමතරව පොල්,කෙසෙල් හා කිරි ගව පාලනයද ප්‍රධාන තැනක් ගනි.වර්තමානය වන විට සම්පුදායික රුකියා වලින් බැහැරට ගොස් විවිධ නිෂ්පාදන කරා යොමු වී ඒවා සාර්ථක කරගත් ව්‍යාපාරික ප්‍රජාවක් සිටී.

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
A තිසේරා මයා 1973 1976
W.C. ආරියදාස මයා 1976 1976.03.28
M.J.P. ගුණතිලක මයා 1978.03.01 1985.08.31
W.M. පියසේන මයා 1985.09.01 1988.09.18
G.S. පිහිලන්ද මයා 1988 1989
M.A. අනුලා ඉන්ද්‍රානි මිය 1990.06.07 1992.09.06
S. එගොඩවත්ත මිය 1992.09.07 1993.10.30
 E.M.D.B. ඒකනායක මයා 1993.11.17 1995.02.28
A.G.L. චන්ද්‍රසිංහ මයා 1995.03.01  
M.A.අනුලා ඉන්ද්‍රානි මිය 1997.02.25 2001.04.30
A.M.W.A. අමුණුගම මයා

2001.05.01

2002.06.05
 B.A. සුමනදාස මයා 2002.06.07 2008.01.23
K.V. අතුල මයා    
T.P. පබාශිලි ජයලත් මිය    
K.M.R.L. ජයතිලක මයා 2012.03.19  
W.M.I කරුණාරත්න මයා 2012.09.28 2021.07.31
ආර්. ඩබ්. ආර්. එම්. සී. රණවාරණ මහත්මිය 2012.08.02 මේ දක්වා..

News & Events

Scroll To Top